මියැදුනු මල් විසිකර ලන්නට
ජීවිතයට නව අරුතක් ගෙන දෙන්නට
ආදරයේ මල් විකසිත වන්නට
ඉඩදෙන්න මටත් සිහිනය දැක ගන්නටආදරයේ මිහිර විදින්නට
ජීවිතයම එළිය කරන්නට
පහන් වැටක් වී මා මුලු ලොව හට
පැමීනෙන්න මගෙ හද විවරයහටඑන නෙක බාදක පරදාලන්නට
ජීවිතයේ ජය කෙලි නංවන්නට
පවුරක් වන්නට මා ජීවිතයට
ඉඩදෙමි මා ඔබගේ කරගන්නටඅත් අල්ලාගෙන ඇවිදන් යන්නට
තුරුලට වී උණුසුම විදගන්නට
දුක් කරදර පන්නා දම්මන්නට
ආසයි මට සිහිනය විදගන්නටඅතිනත ගෙන සැමදා එක් වන්නට
ජීවිතයේ සොදුරුම තැන් දැක ගන්නට
විදිනට ජීවිතයම එහි උපරිමයට
ආසයි මට මට ඔබ හා එක් වන්නටමුලු ජීවිතයම කැප කරලන්නට
සැමදා ඔබ තුරුලට ගන්නට
තුරුලට වී ආදරය කරන්නට
ආසයි මට එය විදගන්නටකන ලගටම වී රහසක් කොදුරන්නට
කෙස් වැටි පිරිමැද සනසා ලන්නට
මුවට හොරා හාද කරන්නට
ආසයි මට ඔබ සමග හ්දින්නටඔබටි මගේ ජීවිතය කියන්නට
ඔබ ජීවිතය මා යැයි දැන ගන්නට
රාදා ක්රිශ්නා මෙන් ආදරයෙන් හිදුමට
අසි මට ඔබ හා එක් වන්නට
Categories / වර්ග
-
New Posts / අළුත් සටහන්
Archives / ගබඩාව
-
Blog Stats
- 99 දෙනෙක් ඇවිත් ගිහින්
RSS
Networked Blogs



